Gossips

දේශපාලන තීන්දුවකට, එජාප පසුපෙළ සැරසේ

විශ්වාසභංග යෝජනාවට පෙර අග්‍රාමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට පක්ෂ ප්‍රතිසංවිධානය පිලිබඳව ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීරණයේ් අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ලබන මස 6 වනදායින් පසු වෙනස්කම් රැසක් පක්ෂය තුළ සිදුවන බවයි.