Gossips

දේශපාලන කුමන්ත්‍රණයක් ගැන මන්ත්‍රී ඩිලාන් හෙළි කරයි

පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මේ අතර, අද පිළියන්දලදී පැවති ජන හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතයට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කළ යුතු බවයි.