Gossips

දේශපාලන අර්බුදය විසදීම ගැන ඉන්දියාවේ ප්‍රසාදය

මෙරට පැවති ගැටළුකාරී දේශපාලන තත්ත්වය සමනය වීම පිළිබදව සමීප අසල්වැසියෙකු සහ සැබෑ මිතුරෙකු ලෙස තමන් සතුටට පත්වන බව ඉන්දියාව පවසනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් සඳහන් කළේ ගැටළුව විසදීමේදී මෙරට සියලූම දේශපාලන බලවේග පරිණතභාවයක් ප්‍රදර්ශනය කර ඇති බවයි.
එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය සහ එම ආයතන අචලව කටයුතු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
නව වාතාවරණය යටතේ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා නව තලයකට වර්ධනය වනු ඇතැයි ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කළා.