Gossips

දේශපාලන අර්බුදයට විසදීම ගැන යුරෝපා සංගමයෙන් පැසසුම්

උද්ගතව තිබූ දේශපාලන අස්ථාවරයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී විසදුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය පවසනවා.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදී ආයතන යථා තත්ත්වයට පත්වීම පිළිබදව ප්‍රශංසා කරන බවයි.
එමෙන්ම, ජාතික ප්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ ශුභසාධන කටයුතු සදහා තවදුරටත් සහය දක්වන බවයි යුරෝපා සංගමය නිවේදනය කළේ.