Gossips

දේශපාලන අරමුණු වලට, රණවිරුවන් භාවිත නොකරන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිතා නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලීමක් කළා.
‘‘වයඹ රණ අභිමන්’’ රණ විරු ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව රණවිරු ස්මාරකය කුරුණෑගල – මාළිගාපිටිය ක්‍රීඩාංගණය අසළ ඉදිකර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින්.
ඒ සඳහා රුපියල් මිලියන 27ක් වැය කර ඇති අතර, වයඹ පළාතේ දිවි දුන් සියළු රණවිරුවන්ගේ තොරතුරු මෙහි ඇතුළත්.
මේ අතර, දෙදින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරානය බලා අද පිටත්ව යනවා.
ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වනු ඇති.