Gossips

දේශපාලන අධාරකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

නාවලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
අද අලුයම මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
පහරදීමෙන් නිවසට සහ නිවසේ නවතා තිබු මෝටර් රථයකට අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
තමන් දේශපාලන පක්ෂයකට සහයෝගය දැක්විම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වු බවයි ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත්තේ
මෙම පහරදිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ )