Gossips

දේශපාලන අධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමකින් තලවකැලේ උණුසුම් වෙයි (ඡායාරූප)

ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සහ දමිල ප්‍රගතිශීලි සංවිධානයේ ආධාරකරුවන් පිරිසක් අතර තලවකැලේ නගරයේදි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
මේ තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
තලවකැලේ නගරයේ රැස්ව සිටින දමිල ප්‍රගතිශීලි සන්ධානයේ ආධාරකරුවන් නුවරඑළිය නගරයේ පැවති මැයි රැලියට ගමන් කරන ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් රැගත් බස් රථවලට පහරදිමට තැත් කිරීමෙනුයි මේ උණුසුම් තත්වය හටගෙන ඇත්තේ.
කෙසේ වෙතත් කැරලි මර්දන ඒකකය තත්ත්වය මේ වනවිට පාලනය කර තිබෙනවා.
තලවකැලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )