මාධ්‍ය වාර්තා පළ වී ඇති ආකාරයට තමන් දේශපාලයෙන් ඉවත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ජෝශෆ් මයිකල් පෙරේරා පවසනවා.
හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් ඉවත්ව ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි ඔහු මේ බව කියා සිටියේ.
පසුගිය දා පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක නැවත වරක් පත් කිරීමට විරෝධය පළ කරමින්.
කෙසේ වෙතත්, ඔහු පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුමට සහභාගි වුවත්, පක්ෂයේ උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඊට සහභාගි වූයේ නැහැ.
