Gossips

දේශප්‍රේමීත්වය ගැන ජනපති නිදහස් සැමරුමේදී පහදයි

දේශප්‍රේමීත්වය යනු සියලූදෙනා මූල්‍ය විනයකින් යුතුව කටයුතු කිරීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාලූ මුවදොර පිටියේ දැන් පැවැත්වෙන 70 වෙනි නිදහස් දින සැමරුමට එක්වෙමින්.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග මගින් මෙරට ආර්ථිකයේ ආත්මාරක්ෂාව සහතික වන බවයි.
එය රටේ ප්‍රගමනය උදෙසා විශේෂයෙන් වැදගත් වන බව නිදහස් දින සමරුවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.