Gossips

දේව කන්නලව්වකට, බොදුබල සේනා සංවිධානය සීනිගමට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය අද (16) පස්වරුවේ සීනිගම දේවාලයට ගොස් දේව කන්නලව්වක් සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා.
සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ බොදුබල සේනා සංවිධානයේ ගිහි පිරිස් මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි.
ඊට තමන් ඇතුළු සිංහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා එක්වන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
මේ අතර, සිංහල රාවය සංවිධානය හෙට (17) දිනයේදී මෙම සිරගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහනාහිමිවරුන් හමුවීමට ද නියමිතයි.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 06කින් ගෙවීයන පරිදි වසරක බරපතල වැඩ සහිත දඬුවම් පෙරේදා නියම කෙරුණා.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්.