Politics Sri Lanka

දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි

දේවාලයේ ගංජා වික්ක කපුවාට වැඩ වරදියි

දේවාලයක යාග හෝම කරමින් ශ‍්‍රාස්ත‍්‍ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග ඊයේ (22) පස්වරුවේ බෝගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 35,000ක මුදලකට මෙම ගංජා තොගය අළෙවි කරණ අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.