Gossips

දේවාලයක පූජාව අනුභව කළ 11 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චාමරජ්නගර් දිස්ත්‍රික්කයේ සුලිවේඩි ගම්මානයේ කිචු මරන්දා දේවලයේ බැතිමතුන්ට බෙදා දුන් පූජාව විෂ වී පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අසනීප වූ තවත් අසු දෙදෙනෙකු චාමරජ්නගර් සහ මියුසුරු ප්‍රදේශවල රෝහල් වෙත ඇතුළත් කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
පූජාවට කිසියම් විෂ ද්‍රව්‍යයක් එක්වී ඇත්දැයි පරීක්ෂා කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කළා.
ඒ සඳහා ආහාර සාම්පල රස පරීක්ෂක අංශ වෙත යොමු කර තිබෙනවා.
දේවාලයේ මුරුතැන්බත් අනුභව කළ බැතිමතුන් ඒවායෙන් භූමි තෙල් ගඳක් වහනය වන බව ද ප්‍රකාශ කර ඇති අතර, පසුව උදරාබාධ සහ වමනය හේතුවෙන් ඔවුන් රෝහල් ගත කර තිබෙනවා.