Gossips

දේවාලයක පින් පෙට්ටියක් බිඳින්න ගිය නාවුක හමුදා සෙබළෙකු අත්අඩංගුවට

අයියනායක දේවාලයක පින් පෙට්ටියක් බිදීමට උත්සාහ කළ බව කියන නාවුක හමුදා සෙබළෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී තිබෙනවා.
පසුගිය 03 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.
පුත්තලම – අට්ටවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අයියනායක දේවාලයක පින් පෙට්ටිය සැකකරු විසින් බිදීමට උත්සාහ කරන විට ගම්වාසීන් විසින් ඔහුව අල්ලා ගෙන තිබෙනවා.
සැකකරු තමන්ගේ විවාහය සදහා නිවාඩු ලබා පැමිණ සිටි අයෙකු බවට හෙලිවී ඇතැයි පොලීසිය සඳහන් කළා.
විවාහය අවසන් වී නිවසට වී සිටින අතර තුර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශණවලදී හෙලිවී තිබෙනවා.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුත්තලම – ජුඩ් සමන්ත