සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. 
ඒ අනුව 13, 14 සහ 15 යන දිනයන්හිදී සත්ත්වෝද්‍යානය රාත්‍රී කාලයේ වසා තැබෙනු ඇති. 
කෙසේ වෙතත්, අදාළ දිනවලදී උදෑසන 8.30 සිට පස්වරු 6 දක්වා සත්ත්වෝද්‍යානය නැරඹීමේ හැකියාව පවතින බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළා. 



