Gossips

දෙහිඅත්තකණ්ඩියේ ගම් 15 කට දින 10 ක් වතුර නැහැ

දෙහිඅත්තකණ්ඩිය, නාගස්වැව, දොළකන්ද ඇතුලූ ගම්මාන 15 කට දින 10 ක් මුළුල්ලේ ජල සැපයුම අත්හිටුවා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මහවැලි ගෙඟන් ජලය සපයන ව්‍යාපෘතියකින් මෙම ගම්මානවලට ජලය බෙදාහැරෙන අතර, එහි ජල මෝටර් ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තාවන්නේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය ජල සම්පාදන ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකරුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට දින 4 ක් පමණ ගතවනු ඇති බවයි.