Gossips

දෙහිඅත්තකණ්ඩියේදී පාසල් සිසුවෙකුට පහරදුන් සිවිල් ආරක්ෂක සෙබලා අල්ලයි

අම්පාර – දෙහිඅත්තකණ්ඩිය – සූරියපොකුණ විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ දෙහිඅත්තකණ්ඩිය – සූරියපොකුණ කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 11 වනදා සූරියපොකුණ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඉන් එක් සිසුවෙකු මෙම සිවිල් ආරක්ෂක සෙබළාගේ පුත්‍රයා වනවා.
පසුව මෙම සිසුවා ඒ සම්බන්ධයෙන් සිය පියාට දැනුම් දී ඇති අතර ඒ අනුවයි අදාල සෙබලා අනෙක් සිසුවාට පහර දී ඇත්තේ.
තුවාල ලැබූ සිසුවා මේ වනවිටත් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.