Gossips

දෙහැවිරිදි දරුවාගේ ඝාතනයට මව් පියන් පොලිස් දැලේ

සිය වයස අවුරුදු දෙකක පිරිමි දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව සහ පියා ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාළිගාවත්ත, හිජ්රා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වූ දරුවෙකු සැකකටයුතු ලෙස මියයාමෙන් පසු මරණ පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු සිදුකිරීම සුදානම් වන බවට ලද තොරතුරක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
එහිදී පරීක්ෂණ පැවැත්වූ පොලිසිය හමුවේ දරුවාගේ මව්පියන් පවසා ඇත්තේ රුධිරගත සීනි මට්ටම වැඩිවීම හේතුවෙන් දරුවා මියගිය බවයි.
කෙසේ වෙතත් දරුවාගේ පාදයේ තිබූ තුවාලයක් පිළිබඳ සැක සිතී දරුවාගේ අවසන් කටයුතු සිදුකිරීම පොලිසිය විසින් වළක්වනු ලැබුවා.
පසුව අධිකරණ නියෝග මත කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (15) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව තිබුණේ මොට බලයක් යොදා සිදුකළ පහරදීමකින් ඇතිවූ බහුවිධ තුවාල හේතුවෙන් දෙහැවිරිදි දරුවා මියගොස් ඇති බවයි.
ඒ අනුව දරුවාගේ මව සහ පියා සැකපිට මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (16) දිනයේදී අලුත් කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මාලිගාවත්ත පොලිසිය සිද්ධිය සම්බන්යෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.