Gossips

දෙසැම්බරයේ උද්ධමනය පහළට

2018 වසරේ දෙසැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී තිබෙනවා.
නොවැම්බර් මාසයේ පැවති 127.7ක අගයට සාපේක්ෂව දෙසැම්බරයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය ද 127.1 දක්වා පහත වැටී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දෙසැම්බරයේ උද්ධමනය අඩුවීමට ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල අඩුවීම විශේෂයෙන් බලපා ඇති අතර, ප්‍රවාහන සහ සන්නිවේදන මිල ගණන් අඩුවීම ද ඊට හේතු වී ඇති බව සඳහන්.