Gossips

දෙවෙනි ගමන නතරකළ අධිවේගේ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් මනාල යුවළක් තුවාල ලබා තිබෙනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මාතර ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකින් අනතුරුව දෙවැනි ගමන සඳහා ගාල්ල ට එමින් සිටි යුවලක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෝටර් රථය එම අවස්ථාවේ මනාලයා විසින් පදවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
99 වැනි කිලෝමීටර් කනුව ආසන්නයේදී මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.