Gossips

දෙවිනුවර විෂ්ණු දේවාලයේ දැවැන්තයාට අත්ව ඇති සංවේදී ඉරණම

දෙවිනුවර දේවාලයේ සිටින අලියෙකුගේ පාදයක් ආසාදනය වීම හේතුවෙන් කලක් තිස්සේ දැඩි ලෙස පීඩා විඳින බවට තොරතුරක් අප වෙත වාර්තා වුනා.
ඒ පිළිබඳව තොරතුරු සොයාබැලීමේදී අනාවරණ වූයේ වසර 3 කට ආසන්න කාලයක් මෙම සත්වය දෙවිනුවර දේවාල භූමියේ ගැටගසා ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සත්වයා දරුණු බව පවසමින් මෙලෙස ගැටගසා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.
දීර්ඝ කාලයක් තිස්සේ ගැටගසා තැබීම හේතුවෙන් සත්වයාගේ දකුණු පස ඉදිරි පාදයේ දරුණු තුවාලයක් ඇතිවී තිබෙනවා.
තුවාලය උග්‍ර වී සත්වයා බැඳ දමා ඇති දම්වැල අඩකට ආසන්න ප්‍රමාණයක් සිරුර පසාරු කරගෙන ගොස් ඇති බවයි අපට දැකගන්න ලැබුනේ.
1989 වසරේ එවකට ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙම අලියා දෙවිනුවර දේවාලය වෙත පරිත්‍යාග කර ඇති අතර සත්වයා මේ වනවිට දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේවරයාගේ භාරකාරීත්වය යටතේයි සිටින්නේ.
කෙසේ වෙතත් සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් පැමිණ සිටියද ඇත්ගොව්වා නුවර ගොස් සිටි බැවින් ඔවුන් නැවත හැරී ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දැඩි වේදනාවකින් පීඩා විඳින මෙම සත්වයා වෙත බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවයි