Gossips

දෙවැනි පෙල නායකත්වයක් ඇති එකම පක්ෂය එජාපය බව අගමැති කියයි

දෙවැනි පෙළ නායකත්වයක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ එම පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස තේරී පත් වූ අමාත්‍ය නවීන් දිසානායක එම ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්වෙමින්.
වැඩභාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ ඉදිරි මැතිවරණ ජය ගැනීමට නම් ඉලක්කයක් සහිතව කටයුතු කළ යුතු බවයි.