කරුණාවන්ත හදවත් විවර විය යුතු පුංචි දරුවන් පිළිබඳව අපි ඔබට කියන්නේ ඔවුන්ගේ හෙට දවසේ ලස්සන දැකිය යුතු නිසාමයි.
මේ තවත් එවන් පුංචි දියණියක් පිළිබඳ කතාවක්.
මේ මාතර – අතපත්තුකන්ද කණිෂ්ඨ විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන සෙහන්ෂි දෙව්හාරා.
බැලූ බැල්මට සෞඛ්‍ය සම්පන්න දැරියක් ලෙස පෙනුණත්, ඇය දරුණු තැලසීමියා රෝගයෙන් පීඩාවට පත්ව සිටින දැරියක්.
සාමාන්‍ය දරුවෙකු ලෙසින් මෙලොව එළිය දුටුවත් ඇය මෙම රෝගයට ගොදුරුව ඇති බව ඇගේ දෙමාපියන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඉන් මාස 3 කට පසුවයි.
එදා පටන් විවිධ ප්‍රතිකාර කිරීමෙන් පසු, අද වන විට ඇයට ඇට මිදුලු බද්ධ කිරීමේ ශ්‍යල්‍යකර්මය සිදුකළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා.
ශල්‍යකර්මය සදහා රුපියල් ලක්ෂ 70ක මුදලක් වැය වුවත් ඒ සියලු මුදල් සොයා ගැනීමට, දරිද්‍රතාවය නම් බාධකය දෙව්හාරාගේ දෙමාපියන්ට හරස් වී තිබෙනවා.
