Gossips

දෙවරක් ක්‍රිකට් ලෝකයේ රජු වී නැවතුනු තැන

2019 වසරේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසකම් ලැබීමේ තරඟාවලිය සිම්බාබ්වේදී පැවැත්වෙනවා.
එහි පුහුණු තරඟයකදී ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 29 ක් විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූවා.
මෙම තරඟයට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ලවීම හේතුවෙන් තරඟය පන්දුවාර 35 කට සීමා කෙරුණා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 35 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 169 ක් රැස්කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 26 යි පන්දු 4 කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 110 ක් පමණයි.
මෙහිදී බටහිර ඉන්දීය කොදෙව් ඉනිම සුනුවිසුනු කළ Dawlat Zadran කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූවා.
කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් මේ වනවිට මෙම කණ්ඩායම් ද්විත්වය කෙරෙහි ම යොමුව තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ දෙවරක් ම ලෝක කුසලානය තමන් සතුකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනෙන් දින කඩාවැටීමයි.
මේ අතර ඇෆ්ගනිස්ථානය කෙරෙහි විශේෂ අවධානය යොමුවන්නේ මෑත කාලයේ ඔවුන් දක්වන සුවිශේෂ දක්ෂතා හේතුවෙන් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
තරඟයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.