Gossips

දෙවන විශාලතම මත්කුඩු තොගය බේරුවලින් අල්ලයි

බේරුවල මුහුදේදී යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගැනුනු රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් තොගය පාකිස්ථානයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.
ඒවා ජාත්‍යන්තර මුහුදු තීරයේදී අදාළ යාත්‍රාවට හුවමාරු කර ඇති බවටයි මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ සිදුකළ වැටලීමකදී අදාළ මත්කුඩු ගොඩබිම වෙත රැගෙන එමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුන අතර, ඔවුන් 34 සහ 38 හැවිරිදි බේරුවල ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
පැකට් 214 ක අසුරා රැගෙන ආ කිලෝ 231 යි ග්‍රෑම් 54 බරැති හොරොයින් තොගය අසුරා තිබුණේ පාකිස්ථානයේ නිෂ්පාදිත සීනි ඇසුරුම්වලයි.
ඒ අනුව මේවා පාකිස්ථානයේ සිට රැගෙන එන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.
මෙම වැටලීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ දෙවන විශාලම වැටලීම වන අතර, 2013 අගෝස්තු මස 31 වනදා ඔරුගොඩවත්ත – රේගු අංගනයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ 261 කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවා.