Gossips

දෙවන ලෝක යුද්ධයේ සමරුවක් මැකී යයි

යුද්ධයට යන සෙබලූන් සිය ප්‍රියම්භිකාවන් සමඟ යලි එක්වීමේ සදාතනික සමරු සටහනක් ලෙස සැලකිය හැකි සේයාරුවක සිටි සෙබලෙකු ඊයේ දිවි මඬලින් සමු ගත්තා.
ඇමරිකානු නාවික හමුදා සෙබල ජෝර්ජ් මෙන්ඩෝසා එවකට 21 හැවිරිදි තරුණියක වූ ගේ‍්‍රටා සිමර් ෆ‍්‍රයිඞ්මාන් ඇමරිකාවේ රෝඞ් අයිලන්ඞ්ස් හිදී සිප ගන්නා ඡායාරූපය දෙවන ලෝක යුද්ධයේ නොමැකෙන සටහනක් ලෙසයි සැලකෙන්නේ.
ජපානය පරදවා ඇමරිකානු හමුදා ලද ජයග්‍රහණයෙන් අනතුරුව පැවති සැමරුම් අතරතුරයි ලයිෆ් සගරාවේ පළ වූ එම විශිෂ්ඨ ඡායාරූපය ගෙන තිබුණේ.
1945 වසරේ අගෝස්තු 14 වන දා ගනු ලැබූ එම ඡායාරූපයේ සිටි ගේ‍්‍රටා ෆ‍්‍රයිඞ්මාන් වයස අවුරුදු 92ක්ව සිටියදී 2016 වසරේ මිය ගියා. ජෝර්ජ් මෙන්ඩෝසා ඊයේ මිය යන විට 95 වන වියේ පසුවුණා.