Gossips

දෙවන පාසල් වාරය අද අවසන්

2018 වර්ෂයේ දෙවන පාසල් වාරය අද අවසන් වනවා.
ඒ අනුව තුන්වන පාසල් වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 03 වැනිදායි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 20 වැනිදා අවසන් වන අතර, තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ අගෝස්තු මස 27 වැනිදායි.
මේ අතර, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.
ඊට අපේක්ෂකයින් තුන්ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසිහය දෙනෙකු මධ්‍යස්ථාන 3050 කදි පෙනී සිටිනවා.
එමෙන්ම, මධ්‍යස්ථාන 2268කදී මෙවර උසස් පෙළ විභාගය ලබන 6 වන දා සිට සැප්තැම්බර් මස 1 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා අපේක්ෂකයින් තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය හැටනමදෙනෙකු පෙනී සිටින බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.