Gossips

දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 4 කට 111 යි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වුනා.
දිනය අවසානයේ තරගය නතර කරන විට දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 111 ක්.
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 14 ක් සහ රොෂේන් සිල්වා ලකුණු 10 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටියා.
පළමු ඉනිමේදී ලකුණු 158 ක් ලබාගත් දිමුත් කරුණාරත්න දෙවන ඉනිමේදී ලකුණු 60 ක් ලබාගත්තා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 යි.
ඊයේ දිනය අවසන් වීමට ආසන්නව තිබියදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කල දකුණු අප්‍රිකා ඉනිම අද දහවල් ලකුණු 126 ක්ව තිබියදී අවසන් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුනා.
එහිදී දිල්රුවන් පෙරේරා කඩුලු 4 ක්, සුරංග ලක්මාල් කඩුලු 3 ක් සහ රංගන හේරත් කඩුලු 2 ක් බැගින් දවාගත්තා.
ශ්‍රී ලංකා පළමු ඉනිම සියලුදෙනා දැවී 287 යි.