Gossips

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අල්ලස් කොමිසමෙන්

පසුගියදා පිහිටවූ දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙනවා.
ඒ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වන චන්ද්‍රසිරි තෙන්නකෝන්ට එරෙහිවයි.
ඔහු රසායනාගාර පරීක්ෂණ වාර්තා පිළිගැනීම සදහා කුලියාපිටිය ප්‍රදේශයේ රසායනාගාරයක හිමිකරුගෙන් මාසිකව රුපියල් 25,000 බැගින් අල්ලස් ඉල්ලා ඇති අතර, ඊට අදාළව රුපියල් 75,000 ක මුදලක් ලබා ගැනීම ඇතුලූ අධි චෝදනා 6 ක් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කර තිබෙනවා.