Gossips

දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පෝට් එළිසබෙත් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
තරඟයේ දෙවන දිනය වූ ඊයේ (22) දිනය නිමාවන විට ලකුණු 197ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 60ක් රැස්කරගෙන සිටියා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 137ක් ලබාගැනීමට අවශ්‍යව තිබෙනවා.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු පිළිවෙලින් ලකුණු 10ක් සහ 17ක් රැස්කරගෙන සිටිනවා.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 222 කට සීමා වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබා ගත්තේ ලකුණු 154 ක් පමණයි.
ඒ අනුව ලකුණු 68ක වාසියක් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකිවුයේ ලකුණු සංඛ්‍යාව 128ක්.