Gossips

දෙවන එක්දින තරඟයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකාව කණ්ඩයම දෙවන එක්දින තරඟය අද (22) පැවැත්වෙනවා.
ඒ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදීයි.
දෙවන තරඟයේදී කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය පකිස්ථාන කණ්ඩායම කඩුලු 5කින් ජය ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය පකිස්ථාන කණ්ඩායම 1-0 ලෙස ඉදිරියෙන් පසුවනවා.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට ආරම්භවීමට නියමිතයි.