ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුනා.
දිවා රාත්‍රී තරගයක් ලෙස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 244ක්.
ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 79 ක් ලබා ගත්තා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 69 යි.
තිසර පෙරේරා ලකුණු 19 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ලුන්ගි න්ගිඩි සහ ඇන්ඩ්ලි පෙහ්ලුක්වායෝ කඩුලු 3 බැගින් බිඳහෙලුවා.
ඒ අනුව තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට හිමිවූ ඉලක්කය ලකුණු 245 ක්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 42 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ක්වින්ටන් ඩි කොක් 87 යි. හෂීම් අම්ලා 43 ක් සහ පෆ්ඩු ප්ලෙසි ලකුණු 49 ක් ලබාගත්තා.
ජේ පී ඩුමිනි නොදැවී යි.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවනවා.
දෙරට අතර තුන්වන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
