Gossips

දෙයියා මාමා දේවාලයට ගිය රෝගියා මරුට

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දේවාලයකට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියයාමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල – දේවහූව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි තිදරු පියෙක්.
හෘදයාබාධ සහ සිරුරේ සීනි මට්ටම ඉහළ යාම ආදී රෝගී තත්ත්වයන් හේතුවෙන් ශාන්තිකර්මයක් සිදුකර ගැනීම සඳහා අද අලුයම මෙම පුද්ගලයා ප්‍රදේශයේ පවතින "දෙයියා මාමා දේවාලය" යනුවෙන් හඳුන්වන මෙම දේවාලයට රැගෙන විත් තිබෙනවා.
ඒ, ඔහුගේ දරුවන් විසින්.
එහිදී දේවාලයේ කපුවා නූල් කිහිපයක් දමා ශාන්තිකර්මයක් සිදුකර ඇති අතර, එහිදී රෝගියා සිහිසුන් වී ඇද වැටී ඇති බව සඳහන්.
පසුව කපු මහතා පවසා ඇත්තේ ඔහු මද වේලාවක් සිහි මුර්ඡාවෙන් පසුවෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, අද උදෑසන වන විටත් සිහිය නොපැමිණීම නිසා දරුවන් තම පියා පිළිබදව සොයා බැලීමේදී ඔහු මිය ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය පිළිබදව පොලීසිය අදාළ දේවාලයේ කපු මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් දේවාරූඪයෙන් ප්‍රතිකාර සිදුකරන බවත්, එම අවස්ථාවේදී කුමක් කරනවා ද, කුමක් සිදුකරනවා ද යන්න තමන් නොදන්නා බවයි.rn