Gossips

දෙමෝදර හිරකරමින් පීලි පැනපු දුම්රිය

ඊයේ සවස උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේදී නඩත්තු සඳහා පැමිණි විශේෂ දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවූවා.
කෙසේ වෙතත් දුම්රිය පීලි පැනීමට ලක්වන අවස්ථාවේ දුම්රියේ එක් අන්තයක් දෙමෝදර බැද්දෙවෙල ප්‍රධාන මාර්ගය හරහා නතරවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කළ මගීන් ද දැඩි අපහසුතාවයකට පත්වූවා.
මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූවේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ රථවලටයි.
අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අයුරු එහිදී අපට දැකගන්නට ලැබුණා.
මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඊයේ රාත්‍රී දුම්රිය ප්‍රමදයකට ලක්වුනා.