Gossips

දෙමුහුන් අධිකරණය ගැන ගෝලිය ශ්‍රී ලංකා සංසදයේ අදහස

ජාත්‍යන්තරයෙන් ඉදිරිපත් වූ දෙමුහුන් අධිකරණ යෝජනාවල මෙරට හොඳින් ස්ථාපිත නීතිපද්ධතිය බරපතළ ලෙස අවතක්සේරුවට ලක්කිරීමක් බව, ගෝලිය ශ්‍රී ලංකා සංසදයේ ස්විට්සර්ලන්ත ලේකම් නිමලා ලියනපටබැඳි මහත්මිය පවසනවා.
ඇය මේ අදහස් පළකළේ ජිනීවා නුවරදී මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය අමතමින්.
ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්ට අදහස් පළකිරීමට මේ දිනවල අවස්ථාව ලබාදී තිබෙනවා.