ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කණ්ඩායමේ උදාහරණයට අනුව මෙරට යුද සමයේ ක්‍රියාකාරකම් ඇගයීමට දෙමුහුන් අධිකරණයක් පිහිටු විය යුතු බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ජගත් මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට වගකීම් ඉටු කරලීම සඳහා දිගු කාලයක් ලබාදී ඇති බවයි.
මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ 30 /1 සහ 34 /1 යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා වසර 4ක කාලයක් කාලයක් ලබාදී තිබුණා.
එය පසුගිය මාර්තු 21 වන දා සම්මත වූ 40, එල් – 1 යෝජනාව මගින් තවත් වසර දෙකකට කල් දමා තිබෙනවා.
නව යෝජනාව යුද අපරාධ චෝදනා එල්ල වන පුද්ගලයන්ට එම වගකීම්වලින් ඉවත්වීමට මඟ සැලසිය හැකි බවයි උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ.
මානව හිමිකම් මණ්ඩලයේ 30 / 1 යෝජනාව සම්මත වී වසර 3කට වැඩි කාලයක් ගත වුවද එය ක්‍රියාවට නැංවීම සඳහා රජය ප්‍රමාණවත් පියවර ගනු ලැබුවේ නැහැ.
නව යෝජනාව මගින් ලක් රජයට අවස්ථාව සලසා දී ඇත්තේ මුල් යෝජනාවේ වගකීම් ඉටු කරලීමටයි.
ඒ අනුව 30/1 යෝජනාවේ ඇතුළත් දෙමුහුන් අධිකරණය පිහිටුවීමට රජය පියවර ගත යුතු බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අවධාරණය කළා.
ඔහු කියා සිටියේ එය ජගත් සංවිධානය වෙත ශ්‍රී ලංකාව ලබාදුන් ප්‍රතිඥාවක් ඉටු කරලීමක් ලෙසයි.