Gossips

දෙමළ සන්ධාන නායකයන්ට උතුරේ විරෝධයක් (ඡායාරූප)

යුද සමයේ අතුරුදන්වුවන් වෙනුවෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට පවසමින් ඔවුන්ගේ ඥාතීන්අ ද දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැඩි විරෝධයක් පළකර තිබෙනවා.
අතුරුදන්වුවන් පිළිබඳ පිළිගත හැකි විසඳුමක් ඉල්ලා වව්නියාවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 366 ක් ගතවී ඇතත් විසඳුමක් නොලැබුනු බවයි අතුරුදන්වුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ.
ඔවුන් පෙන්වා දෙන්නේ දෙමළ නායකයන් තම ගැටලුවට කිසිදු පියවරක් නොගැනීම දැඩි කණගාටුවක් බවයි.
මෙම සත්‍යග්‍රහය අතරතුර සියලුම බලධාරීන් හමුවී සාකච්ඡා කළ ද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට ඔවුන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ඔවුන් අද වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටින් විරෝධතාවක් ආරම්භ කර වව්නියාව කන්දසාමි කෝවිල අසලට පැමිණ දේව කන්නලව්වක් ද සිදු කළා.


ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක