Gossips

දෙමළ සන්ධානය විපක්ෂ නායක ධුරය අතහැරීමට සුදානමින්

ජාතික ආණ්ඩු සංකල්පයෙන් තොරව ඉදිරියේදී නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, බහුතර විපක්ෂයට, විපක්ෂ නායක ධුරය ලබාදීමට කටයුතු කළහොත් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
පවතින දේශපාලන වාතාවරණයත් සමඟ විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇතිවිය හැකි ආකාරය පිළිබඳව අදහස් දක්වමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මේ බව කියා සිටියා.
එමෙන්ම, ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවකට සහය ලබාදෙන්නේ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදුනහොත් පමණක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.