වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින මහකොමසාරිස්වරු සහ තානාපතිවරු දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් කියා සිටියේ අද දිනයේ මෙම දැනුම්වත් කිරීම් සිදු කිරීමට තම කණ්ඩායම සූදානම් බවයි.
‘‘අපි අද ලංකාවේ සිටින මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී සාකච්ඡා කරනවා. හැබැයි තාම නිශ්චිත වෙලාවක් තීරණය වෙලා නැහැ. අපේ රටේ තියන දේශපාලන තත්ත්වය ගැන මේ සාකච්ඡාවේදී අපි ඔවුන් දැනුවත් කරනවා. මේ ප්‍රශ්නවලට නිවැරදි විසදුමක් ලබා ගැනීමේ අරමුණින් තමයි අපි මේ මුණ ගැසීම කරන්නේ. ’’
