Gossips

දෙමළ සන්ධානය යළි ආණ්ඩුව ගැන කණගාටුවෙන්

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පවසනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මතය පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
‘‘දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන පරිදි යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන බව ප්‍රකාශ කළත්, ආණ්ඩුව එම ක්‍රියාවලිය සිදුකිරීමට මේ වනවිට මන්දගාමීව කටයුතු කරමින් යනවා. ඒ පිළිබදව අපිට තියෙන්නේ කණගාටුවක්. ඒ වගේම අපේ ජනතාව තුළත් ඒ පිළිබද ඒ තරම් විශ්වාසයක් නැහැ. සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකිනෙකාට චෝදනා කර ගන්නවා මිසක් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ.’’