තමන් යළි මහ ඇමති ධුරය සඳහා තරඟ කළ යුතු බවට ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසනවා.
කෙසේ වෙතත්, නව දේශපාලන පක්ෂයක් බිහි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ.
සතිපතා මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
සී.වී විග්නේෂ්වරන්ට යළි ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකත්වය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය අදහස් නොකරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා ප්‍රකාශ කළා.
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ ප්‍රතිපත්තිමය කරුණු මත පිහිටා කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලූ පවතින බවයි.
දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමට තමන් කටයුතු කර නොමැති බව පවසන ප්‍රධාන අමාත්‍යවරයා පක්ෂය තුළ පවතින අඩුපාඩු සහ වැරදි පෙන්වාදෙමින් ජනතාවගේ ඉල්ලීම මත ඉදිරියට දේශපාලනය සිදුකරන බව ද සඳහන් කළා.
මේ අතර, පෞද්ගලික සංචාරයක් සඳහා උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඊයේ (10) ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, ඒ හේතුවෙන් උතුර පළාත් වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කේ.සර්වේෂ්වරන් අද (11) පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.