Gossips

දෙමළ සන්ධානයට අලුත් චෝදනාවක්

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් කේරළ ගංජා ජාවාරම පිටුපස සිටින බවට පිවිතුරු හෙළඋරුමය චෝදනා කරනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ උතුර පළාතෙන් කේරළ ගංජා වැඩි වශයෙන් අත්අඩංගුවට ගන්නා බවත් එහි වැටලීම් පොලීසිය සිදුකිරීමේදී දෙමළ ජාතික සන්ධානය ඊට මැදිහත් වන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා සඳහා බලය ලබා දුනහොත් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පාලනය කිරීමට හැකියාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද කොළඹදී අද මාධ්‍ය හමුවක් කැදවා තිබු අතර මේ ඊට එක්වෙමින් අදහස් දැක්වු එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්.
‘‘මනුෂ්‍ය ඝාතන සිදුවීම් වැඩි වශයෙන් සිදුවනවා. ඊට ආණ්ඩුව මැදිහත්වීමක් නැහැ. මැතිවරණ කල්දානවා.
නිසි වේලාවට පවත්වන්නේ නැහැ. ජනතාව ආර්ථික පීඩන රැසක. එහෙම තත්ත්වයක මේ ආණ්ඩුව ගෙන යන්නේ හිතුවක්කාර පාලනයක්. ’’