Gossips

දෙමසකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව මුදල් ඇමති කියයි

මිල සූත්‍රය අනුව දෙමසකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඒ මුදල් අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ළමා ඉතුරුම් මත පනවා තිබූ සියයට 2.5 ක බද්ද ද ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු එහිදී කියා සිටියා.
මේ අතර කතෘවරුන්ට ග්‍රන්ථ ප්‍රකාශකයන් විසින් ගෙවන කතෘ භාගය මසකට රුපියල් 50000 ක් හෝ වර්ෂයකට රුපියල් ලක්ෂ 5 ක් දක්වා බදුවලින් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.