Gossips

දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කරන්නැයි අධ්‍යාපන ඇමතිගෙන් නියෝග

පාසල්වල කටයුතු සඳහා යැයි පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ජාතික පාසල් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
පාසල් කටයුතු යැයි පවසමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන බවට අමාත්‍යවරයා වෙත පසුගිය දා පැමිණිලි ඉදිරිපත් වී තිබුණා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ මුදල් එකතු කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛයේ ප්‍රතිපාදනවලට අනුකූලව සියළු නිලධාරීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවයි.