Gossips

දෙමටගොඩ – සහස්පුර නිවාස සංකීර්ණයේ ගින්නක්

දෙමටගොඩ – සහස්පුර – සිරිසර උයන නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ 11 වන මහලේ නිවසක අද උදෑසන හට ගත් මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි.
නිවැසියන් විසින් බැල්කනියේ කසල ගොඩක් ගිනි තැබීමට යාමෙන් මෙම ගින්න ඇති වී තිබෙන බව සඳහන්.
ගින්නෙන් නිවැසියන්ට හෝ දේපළවලට හානියක් සිදුව නැහැ.