දෙමටගොඩ – මව්ලානාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ගින්නෙන් නිවාස 09ක් විනාශ වී ඇති බවයි.
ඊයේ (19) රාත්‍රියේ හට ගත් මෙම ගින්න මැඬ පවත්වා ඇත්තේ කොළඹ මහනගර සභා ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවයි.
ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
