කොට්ටාව – බොරැල්ල මාර්ගයේ දෙපානම අරලිය උයන මංසන්ධිය අසළ තිබී වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා. 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මහරගම පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (22) රාත්‍රියේ මෙම මළ සිරුර සොයා ගත් බවයි. 
මළ සිරුර තිබූ ස්ථානයේ හිස් පතොරොම් කොපු දෙකක් ද තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා. 
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 35ක් වයසැති කොටහේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.



