Gossips

දෙපානමදී ඝාතනය වූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක

පන්නිපිටිය – දෙපානම – අරලිය උයන මංසන්ධිය අසළදී හමුවූ වෙඩි වැදී මිය ගිය පුද්ගලයා පාතාල සාමාජිකයෙකු බවට සැක කරන බව පොලීසිය පවසනවා.
ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ එම පුද්ගලයාට එරෙහිව කොල්ලකෑම් සහ අපරාධ සම්බන්ධයෙන් කොටහේන පොලිස් ස්ථානයෙන් වරෙන්තු කිහිපයක්ද පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මළ සිරුර හමුවූ ස්ථානය අවට පදිංචි පුද්ගලයන්ගෙන් සහ වෙඩි ශබ්දය ඇසුණු බව කියන පුද්ගලයින්ගෙනුයි මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.
ඊයේ රාත්‍රියේ මෙම සිරුර සොයා ගත් අතර, එම ස්ථානයේ හිස් පතොරොම් කොපු දෙකක් ද තිබී පොලීසිය සොයා ගත්තා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.
කෙසේ වෙතත්, ඔහු සිය නිවසේ අය සමඟ ආරවුලක් ඇති කරගෙන මීට දින කිහිපයකට පෙර නිවසින් පිටව ගොස් ඇති බව ද අනාවරණ වනවා.