Gossips

දෙනෝදාහක් බලාසිටියදී පනාගොඩ කඳවුර ඉදිරිපිටදී සිදුවූ අනතුර

බොහෝ පිරිසක් එදිනෙදා මහමග ගමන්කිරීමේදී සිය ජංගම දුරකථනය භාවිත කිරීමට ගොස් සිදුවන අනතුරු පිළිබඳව බොහෝ අවස්ථාවල වාර්තා වනවා.
කෙසේ වෙතත් සිදුවන්න ගිය තවත් එවැනිම අවාසනාවන්ත අනතුරක් පිළිබඳව මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම අනතුර සිදුවන්නේ පනාගොඩ යුද හමුදා කඳවුර ඉදිරිපිට බස් නැවතුම්පොළ අසලදීයි.
එහිදී තරුණයෙකු දුරකථන ඇමතුමක් ලබාගනිමින් බස් රථයකට නැගීමට සූදානම් වනවාත් සමඟම බස් රථය ඉදිරියට ධාවනය වනවා.
එහිදීයි මෙම අනතුර සිදුවන්නේ.
එම අනතුර සිදුවූ අයුරු පසුපසින් ගමන්කළ රථයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.