Gossips

දෙනියායේ අනතුරකින් දෙදෙනෙක් රෝහලේ

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මාරඹ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඊයේ සවස (15) අකුරැස්ස සිට දෙනියාය දෙසට ධාවනය වූ මෝටර් රථයක් දෙනියාය දෙසින් පැමිණි කැබ් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
එකිනෙක ගැටුණු මෝටර් රථය සහ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළි ගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ පුද්ගලයන් සිව් දෙනෙකු සිට ඇති අතර මෝටර් රථයේ ගමන්කර ඇත්තේ එහි රියදුරු පමණයි.
අනතුරින් තුවාල ලබා ඈත්තේ රථ දෙකෙහි රියදුරන් දෙදෙනා පොලිසිය ප්‍රකාශ කරන්නේ.
අකුරැස්ස පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.