Gossips

දෙනියායේදී ආබාධිත පුද්ගලයෙකුට පහරදීමක්

දෙනියාය විහාරහේන ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට වාහන 13කින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ පැමිණ වෙළඳසැලේ හිමිකරුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන අපවෙත ලැබී තිබෙනවා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර රිය අනතුරකට ලක්වීමෙන් ආබාධයකට ලක්ව සිටින පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම පුද්ගලයාට ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ අදාල පුද්ගලයා බේරාගැනීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුටද පැමිණි පිරිස පහරදෙන ආකාරය අදාළ වීඩියෝව දැක්වෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා දෙනියාය රෝහලට ඇතුලත්කර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මේ අතර පොලිසිය ප්‍රකාශ කරන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුවී ඇති බවයි.
දෙනියාය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.